Monday, July 14, 2025
Follow Us
ජපානයේ රැකියා සඳහා වැඩි අවස්ථාවක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ජපානයේ රැකියා අවස්ථා සඳහා පුද්ගලයින් යොමු කිරීමට මෙම වසරේදී ප්‍රමුඛතාව ලබා දෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය පැවසුවේ ජපානයේ රැකියා සඳහා තෝරා ගැනීමේ පරීක්ෂණ මාසිකව ලබා දීමට ජපාන රජය තීරණය කර ඇති බවයි.

හෙද සාත්තු සේවා වෘත්තීය සහ ආහාරපාන සේවා යන ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා එලෙස ලැබී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)