Tuesday, April 23, 2024
Follow Us
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිදු වූ වරදක් හෙළිවෙයි

ඔමික්‍රෝන් සුනාමියට සූදානම් වන්න – WHO

ඔමික්‍රෝන් දරුණු ප්‍රභේදයක් නොවේයැයි අර්ථ ගැන්වීමෙන් සිය සංවිධානය වරදක් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලොව නන්දෙසින් ඔමික්‍රොන් මරණ වාර්තා වෙමින් පවතින පසුබිමකයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකාශ කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් එහිදී සඳහන් කර තිබුණේ,

“පෙර පැවති ප්‍රභේද මෙන් ඔමික්‍රෝන් නිසාත් රෝහල්ගතවීම් සහ මරණ වාර්තා වනවා. ඔමික්‍රෝන් සුනාමියට සූදානම් වෙන්න. එය ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරාවි.”

මේ අතර කොවිඩ් එන්නතක්කරණය සමග මෙරට මාතෘ මරණ වාර්තාවීම ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවා.

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසුව පළමුවරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වාර්තාවී තිබෙනවා.

එය දැක්වුණේ ආසාදිතයින් 116,000 ඉක්මවා යෑමක් ලෙසයි.

පවතින තත්ත්වය හමුවේ රෝහල් තදබදය අවම කරගැනීමේ අරමුණින් ප්‍රාන්තයට නැවතත් සංචරණ සීමා පැනවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(Aruna)