Tuesday, January 13, 2026
Follow Us
බැසිල්ගේ ඉන්දියා සංචාරය කල්යයි …

ජනවාරි 10 වනදා සිට 12 වනදා දක්වා යෙදී තිබුණු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියා නිල සංචාරය කල්ගොස් ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව ඊයේ (07) දිනයේදී මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මේ දිනවල ඉන්දියාවේ පවතින කොවිඩ් තත්වය හේතුවෙන් එහි යෑමට නොහැකි බවයි.

මීට පෙර පසුගිය නොවැම්බර් 30 වනදා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් ඉන්දීය මුදල් ඇමතිනිය ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම හමුවී සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක ආර්ථික පැකේජයක් ලබාදීමට ඉන්දියාව මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටී.

(LNW)