Thursday, March 28, 2024
Follow Us
නොලැබුණු පොහොරකට ඩොලර් ලක්ෂ 69 ක් ගෙවීමට සිදුවූ හැටි

වසර 65ක් පැරණි චීන - ශ්‍රී ලංකා.රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආතතියට පත් කළ සිදුවීමක් ලෙස චීනයේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්' නම් සමාගමකින් කාබනික පොහොර ආනයනය කිරීමේ සිද්ධිය සැලකිය හැකියි.

එය බරපතල අර්බුදයක් ලෙස ඔඩු දුවන අතර තුර ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුමකට අත්සන් තැබුවා.

මන්නාරමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් කොළ එළි දැල්වුණේ උතුරේ දූපත් තුනක යෝජිතව තිබූ චීන බලශක්ති උත්පාදන ව්‍යාපෘතියකට එල්ල වූ ඉන්දීය විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය හකුලා ගැනීමට චීනයට සිදුව තිබූ පසුබිමකයි.

රාජ්‍ය තාන්ත්‍රික අභියෝගයට ලක්ව ඇති පසුබිමක චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හදිසි දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමීණීමට නියමිතව තිබියදී නිසි ප්‍රමිතිය නොතිබීම හේතුවෙන් මතභේදයට ලක් වූ පොහොර තොගය මෙරටට අපනයනය කළ චීනයේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදල මුදා හැරීමට මහජන බැංකුව අද පස්වරුවේ කටයුතු කළා.

චීන පොහොර නැව පිළිබඳ කතාව මෙලෙස අවසන් වුණත් ඒ හරහා ශ්‍රී ලංකාවට අත්වූ ලැජ්ජා සහගත ඉරණම කෙසේ නම් සාධාරණීකරනය කළ හැකිද?

වන්දි නොගෙවන බවට වූ ආණ්ඩුවේ පුරසාරම් සියල්ල චීන යකඩ සපත්තුව හමුවේ සුණුවිසුනු වී ඇති බව මේ වන විට පසක් වී අවසන්.

නාටකය අවසානයේ මෙරටට ලැබුණු කාබනික පොහොරකුත් නැතුවා සේම, තිබුණු ඩොලර් සොච්චමෙන් තවත් ඩොලර් ලක්ෂ 67කුත් අහිමි වීම ශ්‍රී ලංකාවට මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුධය හමුවේ කෙසේ නම් විදදරාගත හැකිද?

චීන පොහොර නැවේ කථාව කරළියට එල්නේ පසුගිය මසරේ මැයි මාසයේ ශ්‍රී ලංකා රජය විසින් ගත් ආන්දෝලනාත්මක තීන්දුවක් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ගොවැතැනට අවශ්‍ය රසායනික පොහොර ආනයනය මුළුමනින්ම නවතා දැමු රජය, මෙරටට අවශ්‍ය කාබනික පොහොර රටතුලදීම නිපවදවා ගොවීන්ට හිඟයකින් තොරව ලබාදෙන බවට ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සැළසුම් කළ පරිදි මෙරට තුල කාබනික පොහොර නිෂ්පාදනය සිදු නොවුනේ ගොවීන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ඒ සදහා ප්‍රාමාණික දැනුමක් නොතිබීම හේතුවෙන්.

ඒ අනුව ‘’පොහොර දියව්’’ යන සටන් පාඨය මෙරට ගොවිබ්ම් ඇතුළු සතර දෙසින් ඇසෙන්නට වුණේ ආණ්ඩුවේ ආන්දෝලනාත්මක තීරණයට කණේ පහරක් එල්ල කරමින්.

ගොවිබිමෙන් මහපාරට ආ ගොවි ජනතාවගෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කලේ සිය දැඩි තීරණය අඩියක් පිටුපසට ගනිමින්.

අගෝස්තු මස 5 දා නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව, මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්' නම් චීන සමාගමකින් ගෙන්වීමට තීරණය වුණේ ඒ අනුවයි. ඒ සඳහා රජය විසින් අනුමත කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 63.6ක්.

චීන පොහොර නැවේ අර්බුදය හටගත්තේ ඉන් අනතුරුවයි.

අගෝස්තු මස 31 දා මෙම කාබනික පොහොර තොගයේ සාම්පල දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලයය හරහා ජාතික ශාක නිරෝධායන සේවයට ලැබීමෙන් පසු සිදුකෙරුනු පර්යේෂණවලින් එක් සාම්පලයක "අර්වීනියා" සහ "බැසිලස්" යන ගණයන්ගේ ක්ෂුද්‍රජීවීන් බහුලව සිටිනබවට පළමු වරට රටට අණාවරණ වුණා.
කෙසේ වෙතත්, රජයෙන් ආනයනය කළ කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් ඇතැයි පැතිර යන ප්‍රවෘත්ති අසත්‍යක් බවට කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදන නිකුත් කලේ "ආනයනික කාබනික පොහොර භාවිත කිරීමට කිසිදු බයක් සැකක් ඇතිකර නොගන්නා ලෙස" ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිමින්.

නමුත් මෙරට කෘෂිකර්ම බාලධාරීන්, චීන සමාගමෙන් ගෙන්වූ පොහොර වල තවත් සාම්පලයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ එහිද අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටින බවට තහවුරු වූ බව යි.

ඒ අනුව චීන සමාගමෙන් ගෙන්වූ කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් ඇතැයි රජය පිළිගත් අතර , කෘෂිකර්මයට අදාළ අමාත්‍ය වරුන් එහිදී ප්‍රකාශ කලේ මෙරට සමීපයට පැමිණ ඇති හිපෝ ස්ප්‍රීට් නැවට කිසි ලෙසකින් මෙරට වරායන් වෙත ඇතුළු වීමට හෝ අදාළ පොහොර තොගය ගොඩබෑම සදහා අවසර ලබා නොදෙන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ වාර්තා ප්‍රතික්ෂේප කළ අදාළ චීන සමාගම , මෙරටට දැඩිව බලපෑමක් එල්ල කළේ තෙවන පාර්ශ්වයක සහභාගීත්වයෙන් මෙම කාබනික පොහොර තොගයේ සාම්පලවල අහිතකර බැක්ටීරියා ඇත්දැයි තහවුරු කළ යුතු බවටයි.

එසේ නොවන්නේ නම් ඊට දැඩි ක්‍රියාමර්ග ගන්නා බවටත්, ඔවුන් අවස්ථා කිහිපයකදී නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකාවට තර්ජන එල්ල කළා.
මේ අතර මෙම ගනුදෙනුව සදහා විවීෘත කර තිබූ ණයවර ලිපිවල කොන්දේසි උල්ලංඝනය කර තිබීම හේතුවෙන් මෙරට මහජන බැංකුව අසාධු ලේඛන ගත කිරීමටද චීනයේ වාණිජ අමාත්‍යංශය පියවර ගනු ලැබුවේ මීට එකට එක කිරීමක් ලෙසයි.

අහිතකර බැක්ටීරියා ඇති බවට ලැබුණු වාර්තා හේතුවෙන් මෙම පොහෙර තොගය ශ්‍රී ලංකාවට භාර නොගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කළ නිසා පොහොර මිලදී ගැනීමට විවෘත කළ ණයවර ලිපිවලට අදාල මුදල් ගෙවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා පොහොර සමාගම හා කොළඔ කොමර්ෂල් පොහොර සමාගම කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු ගොනු කළා.

ඒ අනුව මෙම පොහොර තොගයට මුදල් ගෙවීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගිය ඹක්තෝම්බර් මාසයේදී චීන 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්' සමාගමට එහි දේශීය නියේජිත සමාගමට සහ මහජන බැංකුවට වාරණ නියෝගයක් ද නිකුත් කළා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවස්ථා ගණනාවකදී අවධාරණය කළේ පොහොර නැවට කිසිදු හේතුවක් මුදල් ගෙවීමක් සිදු නොකරණ බවයි.

මෙවැනි වාතාවරණයක් යටතේ අදාළ පොහොර රැගෙන පැමිණි හිපෝ ස්පිරිට් නෞකාව දින 70ක් මෙරට රැදී සිටීමෙන් අනතුරුව නියැදි ලබා ගැනීම හා බේරුම්කරණය සදහා පසුගිය දෙසැම්බර් 04 වැනිදා සිංගප්පූරුව බලා ගමන් ආරම්භ කළා.

මේ අතරවාරයේ චීන සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඇති කරගෙන තිබූ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති අර්බුධකාරී තත්ත්වය දෙපාර්ශ්වයටම එකග විය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව දෙපාර්ශවය නීතිඥවරු මගින් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ඊට අදාල නඩු කටයුත්ත සමථයට පත් කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සමථ කොන්දේසි වලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර කොළඹ.කොමර්ෂල් පොහොර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට එකඟ වී තිබෙනවා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වී තිබෙනවා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බව සමථ කොන්දේසී වල සඳහන් වුණා.

මේ යටතේ මුලින්ම මෙට්ට්‍රික් ටොන් 90000 ක කාබනික පොහොර ලබා ගැනීමට එකඟතාවය පළ වී තිබුණ ද මුල් අදියර යටතේ මෙට්‍රික් ටොන් 20 ක ලබාගැනීමට ද සමථ කොන්දේසී ඔස්සේ පැමිණිලි කාර සමාගම එකඟ වී තිබෙනවා

කරුණු සලකා බැලූ අධිකරණය නඩුව සමථයකට පත් කර මුදල් ගෙවීම වලක්වාලමින් මහජන බැංකුවට පනවා තිබූ වාරණයද ඉවත් කළා.

(Neth)