Monday, May 06, 2024
Follow Us
භයානක කොවිඩ් ප්‍රභේදයක් ඇතිවීමේ අවදානමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්


කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා භයානක නව කොවිඩ් ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් මතුවෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

එම සංවිධානය සදහන් කළේ මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට යුරෝපා රටවල් රැසක් සීග්‍රයෙන් ව්‍යෘප්ත වෙමින් ඇති බවයි.

පසුගිය සතිය තුළ පමණක් කොවිඩ් ආසාදිතයින් මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත .

ඊයේ දිනය තුළදී පමණක් ඇමෙරිකාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 567,696දෙනෙකු හදුනා ගෙන ති‌බේ.
ප්‍රංශයෙන් ආසාදිතයින් 271,686දෙනෙකු, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 218,724දෙනෙකු, ඉතාලියෙන් ආසාදිතයින් 170,844දෙනෙකු සහ ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 117,775දෙනෙකු ඊයේ දිනයේ හදුනාගත් නව ආසාදිතයින් වේ.

මේ වන විට ලොව පුරා හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 295,697,038කි.

ලොව පුරා වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව ද 5,476,274ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)