Sunday, May 19, 2024
Follow Us
ඉන්දියාවත් 'ඔමික්‍රෝන් ප්‍රභේදයේ' ග්‍රහණයට නතු වෙයි

ඉන්දියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යමින් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. මුම්බායි, දිල්ලි සහ කොල්කටා ඒ අතරින් ප්‍රධානයි. ප්‍රධාන නගරවලින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 75 ක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මේ සමඟම ඉන්දියාව තවත් කොවිඩ් රැල්ලක් අභියසට පැමිණ ඇති බවට එරට කොවිඩ් කාර්යසාධක බලකාය අනතුරු අඟවා තිබෙනවා.

ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 1,700 ක්. ඉන්දිය සෞඛ්‍ය අංශ පවසන්නේ රට තුළින් වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සියයට 22 ක වැඩි වීමක් මේ වන විට පෙන්නුම් කරන බවයි.

(Neth)