Sunday, November 09, 2025
Follow Us
ඇමති බැසිල් ඉන්දියාවට

මුදල් අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමේ සූදානමක්


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවත වරක් ලබන සතියේදී ඉන්දියාවට යෑමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එරට පැවැත්වන සමුළුවකට එක්වීම සඳහා බැසිල් රාජපක්ෂ ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි.

මුදල් අමාත්‍යවරයා එළැඹෙන සතියේ 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළ ඉන්දිය සංචාරයකට බැසිල් රාජපක්ෂ මහතා එක්වීමට නියමිතයි.
මුදල් අමාත්‍යවරයා මාසයකට ආසන්න කාලසීමාවක් තුළ ඉන්දියාවේ සිදුකරන දෙවැනි සංචාරය මෙය වේ.

මෙම සංචාරය තුළදී මුදල් අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

(Aruna)