Sunday, November 09, 2025
Follow Us
පාකිස්තානයෙන් මූල්‍ය සහයක් ඉල්ලන්න වෙළද ඇමති සැරසෙයි

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු රජයේ නියෝජිත පිරිසක් මෙම මස අගභාගයේ පාකිස්ථානයේ සංචාරයක නිරිත වීමට නියමිතව තිබෙනවා. ඒ, දෙරටේ වෙළද හා අයෝජන සබඳතා වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

පාකිස්තාන රජයේ ඇරයුමකට අනුව අමාත්‍යවරයා ඇතුළු පිරිස එම සංචාරයට එක්වීමට නියමිත බවයි වෙළද අමාත්‍යාංශය පැවසුවේ. ශ්‍රී ලංකාවට මූල්‍ය සහයෝගයක් ලබා ගැනීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වෙළද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)