Tuesday, January 13, 2026
Follow Us
චීනයෙන් ශ්‍රී ලංකා පොලීසියට යතුරු පැදි

මිලියන 4ක් වටිනා යතුරු පැදි


චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලීසියට යතුරු පැදි 10ක් පරිත්‍යාග කර තිබේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා මෙම යතුරුපැදි නිල වශයෙන් (29) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතාට සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත භාර දී ඇත.
මිලියන 4ක් පමණ වටිනාකමින් යුතු මෙම යතුරුපැදි, 125cc එන්ජින් ධාරිතාවයකින් යුක්ත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම යතුරු පැදි 10 පොලිස් කොට්ඨාස 10ක් වෙත ඉදිරියේදි ලබාදීමට නියමිතය.

(Aruna)