Tuesday, January 13, 2026
Follow Us
සයිනොෆාම් එන්නත මිලදී ගැනීම ගිය මුදල ලැබෙයි

සයිනොෆාම් එන්නත මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වැයවූ අමෙරිකානු ඩොලර් මිලියන 85 ක මුදල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.

නෙත් නවුස් කළ විමසීමකදී ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසුවේ එන්නත් මිලදී ගැනීමේ ගණුදෙනුවල සිදුවූ පාරදෘෂ්‍යභාවයද සැලකිල්ලට ගනිමින් එම මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති බවයි.

මේ වන විට පුද්ගලයින් එක් කෝටි දහනව ලක්ෂ 71,609 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

ඉන් පුද්ගලයින් එක් කෝටි නව ලක්ෂ 99,976 දෙනෙකු එහි දෙවැනි මාත්‍රාව ද ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර මෙරට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් තිස් හය ලක්ෂ 91,716 දෙනෙකුට මේ වන විට බූස්ටර් මාත්‍රාව ද ලබාදී තිබෙනවා.

(Neth)