Tuesday, January 13, 2026
Follow Us
චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක්

සතියක් පමණ ඇතුළත චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 5 ක ණය මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි වාර්තා වනවා.

ස්වැප් ණය පහසුකම යටතේ එම මුදල මෙරටට ලැබීමට නියමිත බවයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කළේ. අදාළ ණය මුදල චින මුදල් ඒකකය වන රෙන්මින්බි මුදල් ඒකකයෙන් ලැබීමට නියමිත බව ද වාර්තා වනවා.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ණය පහසුකම දැනටමත් මෙරටට ලැබී ඇති බවයි. කෙසේවෙතත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ මෙතෙක් එම ණය මුදල මෙරටට ලැබී නොමැති බවයි.

මෙම ණය මුදල ලැබීමත් සමග මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 03 සීමාව ඉක්මවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

(Neth)