Sunday, July 13, 2025
Follow Us
යළි රාත්‍රියේ ඇඳිරි නීතිය පනවයි

ඉන්දීය රජය හදිසියේ ගත් තීරණ මෙන්න


සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් 19 ආසාදිතයින් සැලකිල්ලට ගනිමින් අද(27) රාත්‍රී සිට යළි රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ දිල්ලි රජය තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව දිනපතා රාත්‍රී 11:00 සිට පසුදින අලුයම 05:00 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

මීට අමතරව සමාජීය කටයුතු පවත්වාගෙන යාමේදී තවත් සීමා කිහිපයක් ද පණවනු ලැබ තිබේ.

ඒ අනුව සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12:00 සිට රාත්‍රී 10:00 දක්වා පමණයි.

සිනමා ශාලා වසා දැමිය යුතු බවටද ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත බළධාරීන් දැනුම් දී තිබේ

එමෙන්ම පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 50 ක උපරිමයකින් පවත්වාගෙන යා යුතු බවට දැනුම් දී තිබේ.

(Aruna)