Thursday, July 10, 2025
Follow Us
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්‍ෂව රටවල් 20කට අධික සංඛ්‍යාවක්

ලබන මාර්තු මස 17 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්‍ෂව රටවල් 20කට අධික සංඛ්‍යාවක් ඡන්දය භාවිත කරන බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම යෝජනාවට පක්‍ෂ බටහිර රටවලට එරෙහිව රුසියාව, චීනය, කියුබාව පාකිස්තානය, නේපාලය, බංගලිදේශය යන රටවල් පමණක් ඡන්දය භාවිත කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජිනීවා ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කර සිටින්නේ, කොටි හිතවාදීන් 25 කගේ පිරිසක් ජිනීවා පැමිණ විදේශ තානාපතිවරු සමග සාකච්ඡා පවත්වන බවයි.

(Lanka Leads)