Saturday, February 28, 2026
Follow Us
මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමකම් කඩවී ඇතැයි ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ මිෂෙල් බැෂෙලේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දන්වා ඇති බවයි.

එමෙන්ම කරුණු දෙකක් මූලික කර ගනිමින් එම වාර්තාව ප්‍රතිකේෂ්ප කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

ඒ වර්තමාන රජය කෙරෙහි ද්වේෂකාරී ලෙස තම විෂය පථයට අදාළ නොවන ලෙස එම වාර්තාව සකසා තිබීම සහ චෝදනා පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට අපහසුවීමත් යන කරුණු හේතුවෙනි.

(Aruna)