Friday, April 26, 2024
Follow Us
නෝර්වේහි Pfizer BioNtech එන්නත ලබා දුන් 23 දෙනෙකු මියගිහින්

පසුගිය මස අවසානයේ සිට මේ වනවිට නෝර්වේ රටේ 30,000කට ආසන්න ප්‍රමාණයකට Pfizer BioNtech එන්නත ලබාදී ඇති අතර ඉන් 23 දෙනෙකු දැනට මියගොස් ඇති බව වාර්තාවේ. ඉන් 13 දෙනෙකු වැඩිහිටි නිවාස වල පසුවූ වයස අවුරුදු 80 ආසන්නයේ පුද්ගලයින් බවත් වාර්තාවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හේතුවෙන් Pfizer BioNtech එන්නත ලබා දීමට ප්‍රථම දුර්වල හා වයස්ගත රෝගීන් ගැන දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස එරට වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මරණ සහ එන්නත අතර නිශ්චිත සම්බන්ධතාවයක් මෙතෙක් හොයාගෙන නැතැයි නොර්වේ සෞඛ්‍ය බළධාරීන් පවසා සිටී.

මේ සම්බන්ධයෙන් Pfizer BioNtech එන්නත් නිෂ්පාදන සමාගම නිවේදනය කර ඇත්තේ එම මරණ සම්බන්ධයෙන් දැනුවත් බවත් ඒ සම්බන්ධයෙන් අදාළ සියලු තොරතුරු එක් රැස් කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://zeenews.india.com/world/23-people-dead-in-norway-received-pfizer-covid-19-vaccine-days-before-2336275.html

(Lanka Leads)