Friday, April 19, 2024
Follow Us
චීනයෙන් කොවිඩ් එන්නත ගෙන ඒමට සාකච්ඡා

කොවිඩ් වයිරසයට එරෙහි එන්නතක් චීනය මගින් මෙරටට ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධ සාකච්ඡා ආරම්භ වී තිබේ. මේ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ චීනයේ වාණිජ අමාත්‍යාංශයේ සාමාජිකයන් අතර පවත්වා ඇත.

කොළඹ චීන තානාපති කාර්යාලය අනාවරණය කරන ආකාරයට චීනය කොවිඩ් වයිරසයට එරෙහිව අත්හදා බලමින් සිටින ප්‍රමුඛතම එන්නත නිපදවා සිනොවැක් බයෝටෙක් (Sinovac Biotech) සමාගමේ නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ. එන්නත ලංකාවට ලබා ගැනීමේ ක්‍රියාවලිය සහ එන්නතෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡාවූ බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

සිය කොවිඩ් එන්නත පිළිබඳව ඉන්දුනීසියාව ආශ්‍රිතව කළ අවසන් අත්හදා බැලීම්වලදී 97%ක සාර්ථකත්වයක් අත් කරගෙන ඇති බවද සිනොවැක්ස් බයෝටෙක් සමාගම පසුගිය දෙසැම්බර් දෙවැනි සතියේ නිවේදනය කළේය.

එන්නතේ අවසන් සායනික පරීක්ෂණ පිළිබඳ වාර්තා චීන රජය මෙතෙක් නිලවශයෙන් නිකුත් කර නැති නමුත් එම එන්නත මේ වන විටත් හදිසි භාවිතය වෙනුවෙන් චීනය පුරා යොදාගනී.

(Aruna)