Tuesday, July 08, 2025
Follow Us
ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනෙන් පිටව යයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් අද (07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටව ගොස් ඇත.

ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානකින් ඒ මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා යළි පිටත්ව ගියේය.

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු මෙන්ම විපක්ෂ නායකවරයා ද හමුවී සාකච්ඡා පවත්වා තිබුණි.

(Aruna)