Friday, January 02, 2026
Follow Us
කියුබානු ජාතික දිනය වෙනුවෙන් කියුබානු රාජ්‍යයට ශ්‍රි ලංකාව සුබ පතයි

කියුබානු ජාතික දිනය ඉකුත් 01 දාට යෙදී තිබිණ. ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කාර්යාලයේදී තානාපතිනි ජුවානා එලීනා රාමෝස් රොඩ්රිග්‍රස් මහත්මිය හමු වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජයට සුබ පැතුවේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ කියුබාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහයෝගය පිළිබඳවද අමාත්‍යවරයා කියුබානු රජයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළේය.

කියුබානු ජාතික දිනය වෙනුවෙන් එරට රාජ්‍යයට හා ජනතාවට සුබ පැතිම සදහා මේ අවස්ථාවට කියුබානු මිත්‍ර සංගමයේ නියෝජිතයින් ලෙස අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොළඹ නාගරික මන්ත්‍රි ස්ටීවන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වී සිටියහ.

(news.lk)