කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා ලෝක බැංකුව කැමැත්ත පළකර ඇති බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.
ලෝක බැංකුවේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවලදී අදාල ණය ආධාර ලබාදීම සඳහා ලෝක බැංකු බළධාරීන් එකඟ වී තිබෙනවා. කෙසේ නමුත් ලබාදෙන ණය ප්‍රමාණය සහ අය කරන පොළී අනුපාතය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.
එන්නත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් පිළිබඳ ඇස්තමේන්තු සකස් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට හැකිවනු ඇති බවයි ජයසුන්තර බණ්ඩාර මහතා පවසන්නේ.
(LNW)