පසුගිය නතතල් දිනයේ දී බෙල්ජියමේ ඇන්ට්ටර්ස් නගරයේ වැඩිහිටි නිවාසයකට තෑගි බෙදා දීමට ගිය නත්තල් සීයකු නිසා එම නිවාසයේ රැඳී සිටි එකසිය පනස් හත් දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. ඉන් දහ අට දෙනකු මේ වන විටත් මරණයට පත් වී තිබේ.
රෝගය ආසාදනය වූ අයගෙන් එකසිය විසි එක්දෙනෙක් එහි නේවාසික වැඩිහිටියන් වන අතර ඉතිරි තිස්හය දෙනා එහි සේවකයෝ වෙති.
නත්තල් උත්සවය නිමිත්තෙන් එහි වැඩිහිටියන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම පිණිස වැඩසටහනක් පැවැත්වීමට එහි පාලකයන් අදහස් කර තිබුණි. ඒ අනුව ඔවුන්ගේ අරමුණ වූයේ නත්තල් සීයා කෙනකු ගෙන්වා තෑගි බෙදා දීමය. ඔවුනට තෑගි ලබා දීමට පැමිණියේ නත්තල් සීයා මෙන් සැරසුනු වෛද්‍යවරයෙකි.
කෙසේ වුවත් එහි කාර්ය මණ්ඩලය ප්‍රකාශ කරන්නේ නත්තල් සීයා එතරම් සුවයෙන් පසු වූ බව තමන්ට නොපෙනුණු බවයි. වැඩිහිටි නිවාසයට පැමිිණෙන අවස්ථාවේ තමන් කොවිඩ් 19 ආසාදිතයකු බව ඔහු දැන සිට නැත.
උත්සවයෙන් අනතුරුව වෛද්‍යවරයාගෙන් රෝග ලක්ෂණ මතු වූ අතර ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී තිබේ. එහි දී තහවුරු වූයේ ඔහු කොවිඩ් 19 ආසාදිතයකු බවයි. වැඩිහිටි නිවාසයේ පිරිස වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කරන ලද්දේ ඉන් පසුවය. ඔවුන්ද ආසාදනය වී ඇති බව එමගින් සොයා ගනු ලැබිණි.
මෙම උත්සවය පවත්වා ඇත්තේ සති දෙකකට කලිනි. මියගිය අයගෙන් පස් දෙනකු මරණයට පත්ව ඇත්තේ නත්තල් දිනයේදීය.
(Aruna)