Monday, July 07, 2025
Follow Us
අමෙ­රි­කානු ආධාර පිටු­පස චීන විරෝධි කොන්දේසි

චීනයේ බල­පෑ­ම්ව­ලට එරෙ­හිව මෙරට ස්වෛරී­ත්වය ආරක්ෂා කර ගැනීම එක් කොන්දේ­සි­යක් ලෙස දක්ව­මින් ශ්‍රී ලංකා­වට මූල්‍යා­ධාර සැපයීමේ දී යම් යම් කොන්දේසි ඉදි­රි­පත් කිරී­මට අමෙ­රිකා එක්සත් ජන­ප­දය තීර­ණය කර තිබේ.

අමෙ­රි­කානු කොංග්‍රස් මණ්ඩ­ලය වෙත ඉදි­රි­පත් කර ඇති මූල්‍ය විය­දම් පනත් කෙටු­ම්පතේ විදේ­ශා­ධාර යටතේ මේ කොන්දේසි සඳ­හන් කර තිබෙන අතර ඉදි­රියේ දී ශ්‍රී ලංකා­වට මූල්‍යා­ධාර ලබා­දීමේ දී මෙලෙස කොන්දේසි ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගෙන ඇත.

ඊට අම­ත­රව ආග­මික සහ වාර්ගික සංහි­ඳි­යාව ගොඩ­නැ­ගී­මට ද ශ්‍රී ලංකාව කට­යුතු කළ­යුතු බව එහි සඳ­හන් කර තිබෙන අතර අමෙ­රි­කානු මූල්‍ය විය­දම් පනත් කෙටු­ම්පත එරට සෙනෙට් මණ්ඩ­ලය මඟින් සංශෝ­ධ­නය කරයි.

එරට කොරෝනා වෛරස් සහන පැකේ­ජයේ කොන්දේසි ද ඊට ඇතු­ළත් වන අතර එහි දක්වා ඇති අමෙ­රි­කාව විසින් ලබා­දෙන විදේ­ශා­ධාර යටතේ ශ්‍රී ලංකා­වට පනවා ඇති කොන්දේසි මානු­ෂීය සහ ආපදා සහන සඳහා බල­ප­ව­ත්වන්නේ නොමැති බවද එම වාර්තා සද­හන් කරයි.

ඒ අනුව අතු­රු­දන් වූ පුද්ග­ල­යින් හඳුනා ගැනීම, මානව හිමි­කම් වර්ධ­නය, මූල්‍ය විනි­වි­ද­භා­වය සහ ස්වෛරී­ත්වය මෙන්ම ජාත්‍ය­න්තර හමුදා අධ්‍ය­යන සහ පුහුණු වැඩ­ස­ට­හන් සඳහා අදාළ කොන්දේසි බල­නො­පැ­වැත්වේ.

(Dinamina)