Monday, July 07, 2025
Follow Us
කොරෝනා එන්නත ශ‍්‍රී ලංකාවට එන කාලය ගැන අනාවරණයක්

කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට මේවනවිට ජාත්‍යන්තරයේ රටවල් කිහිපයකින් අනුමැතිය හිමිවී ඇති එන්නතක් ලබන වසර මැද භාගයේදි පමණ ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා පැවසුවේ ශ‍්‍රී ලංකාවට ගැලපෙන ඖෂධය කුමක්දැයි මේවනවිට සොයා බලමින් සිටින බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා මෙම අදහස් පළ කළේ අද උදෑසන ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලූම්ගල අන්තිම සටන වැඩසටහනට එක්වෙමින්. ශ‍්‍රී ලංකාවට එන්නත් ලබාගැනීමේ ක‍්‍රමවේදය එහිදී පැහැදිළි කෙරුණා.

කුමන හෝ එන්නතක් මෙරටට ගෙන ඒමෙන් පසු ඒවා ගබඩා කර තැබීම මෙන්ම, ඒවා භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ද සැලකිය යුතු කි‍්‍රයාදාමයක් ඇතැයි මෙහිදී පැහැදිළි කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා සඳහන් කළේ මූලික අදියර යටතේ ශ‍්‍රී ලංකාවට ගැළපෙන එන්නතක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේවනවිටත් සිදුකර ඇති බවයි.

මේ අතර විදෙස් රටවල නිපදවා ඇති කොවිඞ් එන්නත් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකිරීමෙන් පසු ඊට අදාළ කි‍්‍රයාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංගට ඊයේ බලය පවරනු ලැබුවා.

(Neth)