එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මූළික වෙමින්; ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වන සභා රැස්වීමේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.
වාර්තා වන අන්දමට යෝජනාව පිළිබඳ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත්තේ පසුගිය යහපාලන රජය විසින් සම අනුග්‍රහය දැක්වූ එක්සත් ජාතීන්ගේ 30/1 යෝජනාවෙන් ඉවත් වූ බව වත්මන් ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කිරීමෙන් පසුවයි.
මින් පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව යුධ කාලීන වගවීමේ ක්‍රියාමාර්ග සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කටයුතු කරන යෝජනා ලෙස 34/1 සහ 40/1 යෝජනා ඉදිරිපත් විය.
(Lanka Leads)