ලබන වසරේ මාර්තු මස ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට එල්ල වන යුද අපරාධ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමේ පුළුල් වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.
මේ සඳහා ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්, හිටපු හමුදා ප‍්‍රධානීන් සහ විද්වතුන් කැඳවා අදහස් විමසා තිබේ.
මෙම ජිනීවා සමුළුවේදී බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයාගේ රහස් ලියැවිලිද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරේ. මෙතෙක් එම රහස් ලියැවිලි ඉදිරිපත් කර නොතිබුණි. ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළ බවට දැක්වෙන ලියැවිලි රැුසක් රජය සතුව තිබෙනවා. මේ ලියැවිලි මුල්වරට අප මානව හිමිකම් කවුන්සිලයට යොමු කරනවා යැයි රජයේ ආරංචි මාර්ග පළ කළේය.
(Lanka Leads)