Sunday, July 06, 2025
Follow Us
ශ්‍රී ලංකා ආණ්ඩුව MCC ව්‍යාපෘතියෙන් ඉවත් වී නෑ

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල ප‍්‍රකාශිකා, නැන්සි වැන් හෝන් මහත්මිය Sunday Morning පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ ලංකාව තවමත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ව්‍යාපෘතියේ න්‍යාය පත‍්‍රයට ඇතුළත්ව පවතින බවයි .

(15) දින වොෂින්ටනයේ දී රැස්වීමට නියමිත MCC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව ඇය වැඩිදුරටත් පවසා ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී MCC ගිවිසුම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් බවට පත්ව තිබූ අතර තමන් බලයට පත් වහාම එම ගිවිසුම ඉරාදමන බවට ගෝටාබය රාජපක්ෂ කඳවුරෙන් පුන පුනා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව MCC ව්‍යාපෘතියෙන් ඉවත්වන බව එහි අධ්‍යක්ෂ මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දුන්නේ නම් න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡාව ඇතුළත් නොවනු ඇත.

MCC ව්‍යාපෘතියෙන් ඉවත් වීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර නොමැති බව ඇමෙරිකානු තානාපති කාර්‍යාලයේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේය.

(Lanka LEads)