Friday, January 02, 2026
Follow Us
ආසාත්මිකතා ඇත්නම් ෆයිසර් කොවිඩ් එන්නත ලබා ගන්න එපා

සැලකිය යුතු ආසාත්මිකතා ඇති අය “ෆයිසර් / බයෝ එන්ටෙක්“ කොවිඩ් එන්නත ලබා නොගත යුතු බව බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය පවසයි.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ දෙදෙනෙක් එන්නත ලබාගත් පසු ආසාත්මිකතා ලක්ෂණ පෙන්වීම නිසා ඔවුන් එසේ පවසා ඇත.

ෆයිසර් එන්නත සායනිකව අත්හදාබැලීම්ලවට අසාත්මිකතා සම්බන්ධයෙන් රෝග ඉතිහාසයක් සහිත පුද්ගලයන් සහභාගි කරගෙන නොමැති බව ෆයිසර් සමාගම නිකුත් කළ දත්ත මත පදනම්ව සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී තිබුණි.

කෙසේ වෙතත් අදාළ එන්නතට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරියේ බලධාරීන් හෙට රැස්වීමට නියමිතය.

කිසියම් එන්නතකට අනුමැතිය හිමිවී පැය 96 ක් ඇතුළත වැඩි අවදානම් සහිත ජනතාව වෙත එන්නත ලබාදීමට අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ සැලසුම වී තිබේ.

(Aruna)