Wednesday, May 01, 2024
Follow Us
2021 මිනිසා මුහුණ දෙන මහා ව්‍යසනකාරීම වසර බව පැවසේ

2021 වසර මිනිසා මුහුණ දෙන මහා ව්‍යවසනකාරීම වසර’ වනු ඇති බව ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනතුරු අඟවා තිබේ. සමස්ත ලෝකයම කොවිඩ් 19 වයිරසයට එරෙහිව සටනට පිවිස සිටින අවස්ථාවේ ආහාර නොමැතිව සාගතයට ගොදුරු වූවන් සංඛ්‍යාව මේ වන විට මිලියන 270ක් දක්වා වර්ධනය වී ඇති බවද ඩේවිඩ් බීස්ලි සඳහන් කරයි.

ඩේවිඩ් බීස්ලි පවසන්නේ ලෝකය දැනටමත් කොවිඩ්-19 අර්බුදය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19ක් වැය කර ඇති බවයි. එම මුදල 2021 වසරේ නැවත උපයා ගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දෙන ඔහු එමගින් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ද අනතුරු අඟවා තිබේ.

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භයේ සිට මේ දක්වා අත්දකින ලද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරුණුතම මානුෂීය අර්බුද ඇතිවන වර්ෂය ලෙස 2021 දෙස බලා සිටිමු.” යැයිද ඩේවිඩ් බීස්ලි අවධාරණය කර තිබේ.

2020 අගෝස්තු මාසයේදී ඩේවිඩ් බීස්ලි ප්‍රකාශ කරන ලද්දේ මන්දපෝෂණයට මුහුණ දෙන පුද්ගලයන් සංඛ්‍යාව 2020 වසර අවසානයේදී සියයට 80 කින් ඉහළ යා හැකි බවයි. මේ අතර, අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් 118 ක, වයස අවුරුදු පහට අඩු ළමයින් මිලියන 1.2 ක් ඉදිරි මාස හය තුළ මිය යා හැකි බවට යුනිසෙෆ් 2020 මැයි මාසයේ දී අනාවැකි පළ කළේය.

(Aruna)