Wednesday, May 01, 2024
Follow Us
කමලා හැරිස්ගේ ප්‍රතිපත්ති හදන්නේ රෝහිණීලු

ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ලෙස වැඩ බාරගැනීමට නියමිත කමලා හැරිස්ගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති උපදේශිකාව ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රෝහිණි කොසොග්ලු පත්කර ඇතැයි වාර්තා වේ.

“රෝහිණී යනු ඇමරිකානු ජනතාව මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මනා දැණුමක් හා අවබෝධයක් ඇති තැනැත්තියක් වගේම පසුගිය කාලය පුරාවටම මා ලඟින්ම සිටි මගේ වඩාත් විශ්වාසදායක උපදේශිකාවක්” යනුවෙන් රෝහිණිව අදාල තනතුරේ පිහිටුවීම නිවේදනය කරමින් කමලා හැරිස් පවසා ඇත.

යාපනයේ උපන් දොස්තර විජයදෙවෙන්ද්‍රන් සහ සෝභනාගේ දියණියක වන රෝහිණි පසුගිය මැතිවරණයේදී ඩිමොක්ක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන උපදේශිකාව ලෙස තුන්සියයකට අධික සේවක පිරිසක් හසුරවමින් ඇමරිකානු ඩොලර් මිලියන 40කට අධික දැවැන්ත ප්‍රචාරක වියදමක් දරමින් කමලා හැරිස් ඇමරිකාවේ දෙවන බලසම්පන්න තැනැත්තිය කිරීමට දැවැන්ත දායකත්වයක් ලබා දුන්නාය.

(Lanka Truth වාර්තාවක් ඇසුරිනි)

(Lanka Leads)