Thursday, March 28, 2024
Follow Us
චීනය මත රඳා පැවතීමට විකල්පයක් ඉන්දියාවෙන් යෝජනා වෙයි

කලාපයේ සෙසු රටවල් සමඟ සංවාදයක් ගොඩ නඟා Covid-19 වසංගතය හමුවේ කඩාවැටෙමින් යන ආර්ථිකයන් ගොඩනැඟීමට පියවර ගන්නා මෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කර තිබෙනවා.

කලාපයේ සෙසු රටවල් සමඟ මෙම සංවාදය ගොඩනැඟීම සදහා මහින්ද රාජපක්ෂ මහතාට මූළිකත්වය ගන්නා මෙන් ද ඔහු ඉල්ලීමක් කර තිබේ.

උතුර සහ කඳුකරයේ නිවාස සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවෙන් දෙන දායකත්වය රටේ දකුණු ප්‍රදේශයේ ද නිවාස සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන මෙන් මහින්ද මහතා ශ්‍රී අජිත් දෝවාල් මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

ඊයේ (27 දින) පෙරවරුවේ අගමැතිතුමා හමු වූ අවස්ථාවේ මෙම අදහස් පලකර තිබෙනවා.

චීනය මත රඳා පැවතීමට විකල්පයක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවක් මින් පෙනීයන බව විචාරකයින්ගේ මතයයි.

(Lanka Leads)