Wednesday, April 24, 2024
Follow Us
ශවේන්ද්‍රගේ ඇමරිකානු තහනම බයිඩන්ගේ පාලන සමයේත් දිගටම

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකානු රජය පැනවූ තහනම දිගටම කි‍්‍රයාත්මක කිරීමට නව ජනපති ජෝ බයිඩන් පාලනයද තීරණය කර ඇත.

මේ බව තහවුරු වී ඇත්තේ ජනපති බයිඩන්ගේ සගයන් දෙදෙනකු වන බ‍්‍රැඞ් ශර්මන් හා ජාස්මි රුස්කින් ඇමරිකානු කොංග‍්‍රස් සභාවට ගොනු කළ යෝජනාවට ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නමද ඇතුළත් වීම නිසාය.

ශී‍්‍ර ලංකා රජය ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා ගැන පියවරක් ගැනීමට අපොහොසත් වී ඇති බව එම යෝජනාවේ දක්වා තිබේ.

මේ අතර මෙම ඇමරිකානු යෝජනාව පසුබිමේ සිටින්නේ ඇමරිකානු කොටි ඩයස්පෝරාව බවද හෙළිවී ඇත.

(Lanka LEads)