Friday, July 04, 2025
Follow Us
යන්ත්‍රයේ දෝෂ නැති බව චීන තානාපති කාර්යාලය කියයි

මුල්ලේරියාව මූලික රෝහලේ පී.සී.ආර්. (PCR) යන්ත්‍රයේ කිසිදු දෝෂයක් නොමැති බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසන්නේ රෝහලේ පී.සී.ආර්. මෙහෙයුම් අඩපණ වීමට හේතුව පී.සී.ආර්. කට්ටලවල හිඟය (shortage of testing reagents) බවයි.

මෑත සතිවලදී වේගවත්ව සිදුකරන ලද පරීක්ෂණ හේතුවෙන්​ මෙලෙස පරීක්ෂණ කට්ටල හිඟවී ඇතැයිද තානාපති කාර්යාලය පෙන්වා දෙයි. පී.සී.ආර්. කට්ටල ගෙන්වීම වෙනුවෙන් නව ඇණවුමක් ලබාදී ඇතැයිද තානාපති කාර්යාලය සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

නව ඇණවුමක් ලබාදී ඇති අතර අන්තර්ජාතික සැපයුම් මත පදනම්ව එය දින 3-4කින් පැමිණෙනු ඇත යැයි එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රය නැවත වතාවක් අක්‍රිය වී ඇති බව රෝහල් ප්‍රකාශයන් උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. කොළඹ චීන තානාපති කාර්යාලය මැදිහත්ව ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් තානාපති කාර්යාලය මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර ඇත.

(Aruna)