Monday, February 16, 2026
Follow Us
අයිඑස් ත්‍රස්තයෝ බුරුතු පිටින් ලංකාවේ – එංගලන්තයේ The Sun කියයි

අයිඑස්අයිඑස් (ISIS) ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ ‘සොල්දාදුවන් දුසිම් ගණනක්’ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි බ්‍රිතාන්‍ය ‘ද සන්’ (The Sun) පුවත්පත ප්‍රකාශ කරයි. අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ වර්තමාන ක්‍රියාකාරීත්වය දැක්වෙන සිතියමක්ද පළකරමින් ඊයේ (11 වැනිදා) ‘ද සන්’ පළකර තිබූ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියා, පිලිපීනය ඇතුළු රටවල් 26ක එහි ක්‍රියාකාරකම් වර්තමානයේදී ද සිදුවෙයි.

මේ අතර අයිඑස්අයිඅස් ත්‍රස්තවාදීන්ගේ ආසන්නතම අමානුෂික ප්‍රහාරය වාර්තාවන්නේ මොසැම්බික් රාජ්‍යයෙනි. මොසැම්බික් උතුරු ප්‍රදේශයේදී ත්‍රස්තයන් විසින් 50කට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසකගේ හිසගසා මරා දමා තිබිණි. කාබෝ ඩෙල්ගාඩෝ පළාතේ වැසියන් පිරිසක් පාපන්දු පිටියකට රැගෙනවිත් ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෙලෙස ඝාතනය කර තිබිණි.

(Aruna)