Saturday, April 20, 2024
Follow Us
චීන කොවිඩ් එන්නත් රටවල් 10කට

චීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 වෛරසය සඳහා නිපදවන ලද එන්නත් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වූ පුද්ගලයින් 60,000කට අත්හදා බැලීම සඳහා ලබාදී ඇත. මේ සඳහා රටවල් 10ක ජාතීන් 125කට අයත් පුද්ගලයින් බව චීන බලධාරීන් පවසනවා.

තෙවන අදියරේ සායනික අත්හදාබැලීමක් විදියට එන්නත ලබාදී ඇති අතර මේ දක්වා කිසිවෙක් දරුණු අතුරු අභාදයකට ලක්වී නැති බව පැවසෙනවා.

චීන නිලධාරියෙක් පැවසුවේ කොවිඩ් වෛරසයට නිරාවරණය වී ඇති වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයින්, වෛරසය පැතිරීම වැලැක්වීමට කටයුතු කරන ක්ෂේත්‍රවල සේවකයින්, දේශසීමා වල සේවය කරන පුද්ගලයින්ට හදිසි අවශ්‍යතාවයන් සඳහා එන්නත සපයා තිබෙන බවකි.

එය චීනයේ සහ ලෝක සෞඛය සංවිධානයේ රීති වලට අනුකුලව සිදුකර ඇති බව චීනය පවසයි.

තෙවන අදියරේ අත්හදාබැලීම් වලදී එන්නත් කළ ස්ථානය අවට ඉදිමීම සහ වේදනාව සහ මඳ වශයෙන් උණ ඇතිවීම සඳහන් කළ හැකි බව චීන බලධාරීන් සඳහන් කරනවා.

(Aruna)