Saturday, July 05, 2025
Follow Us
විදේශ ලේකම් ජයනාත් කොළඹගේ වැඩට බසියි – හම්බන්තොටටත් ඉන්දියානු තානාපතිවරයෙක්

අංක 2196/49 -2020 ඔක්තොම්බර් 9 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් හම්බන්තොට, ගාල්ල, මාතර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා ඉන්දියානු කොන්සල් ජෙනරාල්වරයකුගේ පත් කිරීම පිළිගෙන ඇත.

ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක දිස්ත්‍රික්ක ආවරණය කිරීම සඳහා තානාපති නිලධාරීන් පත් කිරීමේ පදනම හෝ අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි කිරීමක් විදේශ අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කොට නැත.

දේශපාලන විචාරකයන්ට අනුව මෙම පත් කිරීම මගින් ශ්‍රී ලංකාව තුල ඉන්දියානු මැදිහත්වීම තව දුරටත් ශක්තිමත් කිරීමේ උවමනාවක් මිස සැබෑ ලෙසම තානාපති සේවා පුළුල් කිරීමේ උවමනාවක් තිබෙන බව සාධාරණීය කරණය කළ නොහැක.

(Lanka Leads)