Friday, July 04, 2025
Follow Us
නියමිත සේවා කාලය අවසන් කළ කොරියානු රැකියා ලාභීන්ට නැවතත් කොරියාවේ රැකියා

වසර 4 යි හා මාස 10ක් සිය මුල් සේවා කාලය නිම කර මෙරටට පැමිණ සිටින කොරියානු රැකියාලාභීන් නැවත තමන් පෙර සේවය කල ස්ථානයේම සේවයට පිටත් කිරීමේ වැඩපිළිවෙලක් යටතේ 1008 වන කණ්ඩායම කොරියානු ගුවන් සේවයට අයත් යානයක් මෙරටින් පිටව යාමට නියමිතය. කොරෝනා වසංගත කාලය තුළ එලෙස පිටවන 2වන කණ්ඩායම මොවුන් වන අතර, රැකියා ලාභීන් 36 දෙනෙකු ඇතුළත් වේ.

මෙම රැකියාලාභීන් ඉදිරි වසර 4යි මාස 10ක් සඳහා සිය සේවා ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඔවුන් මීට පෙර සේවය කළ ස්ථානයේම සේවය සඳහා යොමු කෙරේ.

මොවුන් පිටත්ව යාමේ අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුන්ද එක් වූහ.

කොරෝනා වසංගත කාලය තුළ මීට පෙර එනම් 2020.09.23 දින රැකියා ලාභීන් 21 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ. තම නියමිත සේවා කාලය (වසර 4 මාස 10) කිසිඳු නීති විරෝධි ක්‍රියාවක නොයෙදී, කොරියාවෙන් නීත්‍යානුකූලව පිටවූ ශ්‍රමිකයින්ට නැවතත් කොරියාවේ රැකියා සඳහා යාමට අවස්ථාව හිමිවන අතර, කිසියම් වරදකට එරටදී දඩුවම් ලැබූ හෝ වීසා කාලය ඉක්මවා සේවයේ යෙදී සිටි අයට මෙම අවස්ථාව හිමි නොවේ .


(news.lk)