Thursday, February 12, 2026
Follow Us
කොවිඩ් – 19 සාර්ථකව පාලනය කළ රටවල් අතරින් දෙවන ස්ථානය ශ්‍රි ලංකාවට

චීන පර්යේෂණ ආයතනයක් සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් – 19 ගෝලීය වසංගතය පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන “යීකායි” පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් – 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැළකූ විට ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

රටවල් 108 ක් යොදාගෙන සිදුකර ඇති මෙම සමීක්ෂණයෙන් කොවිඩ් – 19 ගෝලීය වසංගතයට සාර්ථක ලෙස මුහුණ දුන් රටවල් අතර මුල්තැන ගෙන ඇත්තේ චීනයයි.

එම සමික්ෂණය අනුව කොවිඩ් සාර්ථක පාලනය කිරීමට සමත්වු ප්‍රමුඛ රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ ඝානා රාජ්‍යයයි.

(Lanka Leads)