Friday, July 04, 2025
Follow Us
බෝරා නායකයා ලබන සතියේ ලංකාවට

ඩාවුඩ් බෝරා ප්‍රජාවේ නායකයා ඇතුළු 54 දෙනකුගෙන් යුත් කණ්ඩායම ඉදිරි සතිය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ. බෝරා නායක සයිඩ්නා මුෆඩාල් සයිෆ්‍රඩීන් ඇතුළු ඔහුගේ පිරිස මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබුණේ පසුගිය ජුනි මාසයේදීය.

ඉන්දියාවේ මුම්බායි නුවර රැඳී සිටින මෙම පිරිස පසුගිය ජුනි මාසයේදී මෙරටට පැමිණීමට සූදානමින් පසුවෙද්දී එම ප්‍රජාව අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ අතර එය මෙන්ම තවත් හේතූන් කිහිපයක් මත සංවත්සරය කල්දමා තිබිණි. මේ පිළිබඳව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සඳහන් කළේ බෝරා ප්‍රජාවේ දේශීය ප්‍රධාන නියෝජිතයා පසුගිය දිනෙක තමන් හමුව සිය ආධ්‍යාත්මික නායකයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සාකච්ඡා කළ බවයි.

‘‘නමුත් බෝරා නායකයා ශ්‍රී ලංකාවට පැමිණීමේ නිශ්චිත දිනයක් තවමත් අපට දැනුම් දී නැහැ. ඔවුන් සැලසුම් කර තිබුණේ මේ මස අවසාන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමටයි’’ යැයි සභාපතිවරයා සඳහන් කළේය.

(Aruna)