Thursday, February 12, 2026
Follow Us
ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන්න…. කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් එරට අගමැතිගෙන් ඉල්ලයි

ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙස කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගෙන් ඉල්ලා ඇත.

ශ‍්‍රී ලංකාවේ විශාල පිරිසක් අතුරුදන් වී ඇති බව දන්වමින් ඔහු තවදුරටත් පවසා ඇත්තේ කැනඩා රජය මැග්නිට්ස්කි සම්බාධක පනත ක‍්‍රියාත්මක කළ යුතු බවයි. මෙම ඉල්ලීම කළ මන්ත‍්‍රීවරයා කැනඩා කොටි ඩයස්පෝරාවට සම්බන්ධ වූවෙකු බව හෙළි වී ඇත.

කැනඩාවේ ද්‍රවිඩ ජනතාව ශ‍්‍රී ලංකාවේ සිදු වූ අතුරුදන් වූවන් ගැන විමර්ශනයක් ඉල්ලමින් පා ගමනක් ආරම්භ කර ඇති බව එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගානට් ජීසස් කැනඩා රජය වෙත ප‍්‍රකාශකර තිබේ.

(Lanka Leads)