Monday, August 17, 2026
Follow Us
එ.ජ සංවිධානයේ සහ එ.ජ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ කතානායක හමුවෙති

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනී හනා සිංගර් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබර්ට් ජුහ්කම් යන මහත්ම මහත්මීහු ඊයේ (09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වූහ.

 

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කථානායක කාර්යාලයේදී පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහ ගේකම් ධම්මික දසනායක මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීහු ද එක්වූහ.

(news.lk)