තමන්ගේ දහඩියෙන් ලෝකය ගොඩනගන කම්කරුවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ජීවිත අරගලය සිහිපත් කරන විශේෂ දිනයක් වන ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01) දිනට යෙදී තිබේ.
දිනකට පැය 8ක වැඩක් ඉල්ලමින් ඇමරිකාවේ චිකාගෝ නගරයේ කම්කරුවන් විසින් 1886දී සිදුකළ අරගලයක කැපවීම ලෙසයි අද (01) මෙම දිනය සමරනු ලබන්නේ.
එමෙන්ම ලොව පුරා කම්කරුවන් මෙම දිනය සමරමින් මැයි රැළි සහ පෙළපාලි පවත්වනු ලබයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සැමරුම 1923 දී ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් පවත්වා තිබේ.