Wednesday, February 11, 2026
Follow Us
ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරැඹේ

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ වර්ෂයේදී ග්‍රාම නිලධාරීන් නිවෙස්වලට නොපැමිණෙන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි.

 2025 ඡන්දහිමි නාමලේඛනයේ ඉවත්වන හා 2026 වර්ෂයට ඇතුළත් කිරීමට හිමිකම් ලබන නම් ඇසුරින් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය කෙරෙන බවද සභාපතිවරයා පවසයි.

www.elections.gov.lk වෙබ් අඩවිය හරහාද ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා මාර්ගගතව ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.