අරගලය පැවති 2022 වසරේ මැයි 9 දා නිට්ටඹුව නගරයේදී පොලොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ දී ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කෙරුණු නඩුවේ තීන්දුව අද (11) දින ප්රකාශයට පත් කිරීමට නියමිතය.