ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැවැත් වෙන අතර තරගය මෙරට වේලාවෙන් ප.ව. 5ට ආරම්භවීමට නියමිතය.
දෙරට අතර පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර, ඔවුන් මේ වනවිට තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණගෙන සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකාවට අද තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට හැකි වනු ඇත.