Friday, September 05, 2025
Follow Us
මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන අස්වනු ආරක්ෂා කිරීමට නිත්‍ය ජලාශවලට බාධක දැල්
මිරිදිය මත්ස්ය අස්වැන්න අහිමි වීම වැළැක්වීම සඳහාත්, මිරිදිය මත්ස්ය නිෂ්පාදනය ඉහළ නංවාගැනීම සඳහාත් වසර 02ක් තුළ තෝරා ගත් නිත්ය මිරිදිය ජලාශ 250ක බාධක දැල් ස්ථාපනය කිරීමේ වැඩසටහනක් ශ්රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මඟින් ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

ග්රාමීය ප්රදේශවල ජනතාව වෙත පෝෂ්යදායී ආහාර වේලක් ලබා දීම සඳහා මිරිදිය හා ජලජීවී වගාව මඟින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එහෙත්, රට අභ්යන්තරයේ ඇති ජලාශ පිටාර ගැලීමේදී මෙන්ම සොරොව් හරහා එම ජලාශවල ජලය මුදා හරින අවස්ථාවලදී මසුන් ඉවතට ගසාගෙන යෑම මිරිදිය මත්ස්ය අස්වැන්න විශාල වශයෙන් අඩු වීම කෙරෙහි දැඩි ලෙස බලපා ඇත.
 
එක් මිරිදිය ජලාශයකින් වසරකට කිලෝග්රෑම් 20,000‑40,000 අතර ප්රමාණයක මසුන් මෙසේ මිනිස් පරිභෝජනයට ගැනීමට පෙර ඉවත යන බව හඳුනාගනු ලැබ තිබේ. පරිණත වූ මසුන් ඉවතට ගසා ගෙන යාම, මත්ස්ය ගහණය අඩු වීම කෙරෙහි සහ අභිජනන හැකියාව ඇති පරිණත මසුන් ඉවත් වීමෙන් අනාගත මත්ස්ය තොගවල සීඝ්ර අඩු වීම කෙරෙහි බලපාන බව පෙන්වා දී ඇත.