ශ්‍රී ලංකා ග්රහලෝකාගාර ගොඩනැගිල්ලේ ව්යූහයෙහි දිරාපත් වීම් සහ භෞතික පහසුකම්හි හා තාක්ෂණික යටිතලයන්හි යල් පැන ගිය තත්ත්වයන් නිරීක්ෂණය වන බැවින්, සුවිශේෂී වාස්තු විද්යාත්මක ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගනිමින් එය නවීකරණය කිරීමේ අවශ්යතාව මේ වනවිට හඳුනාගෙන ඇත.
ඒ අනුව, ජාතික ප්රසම්පාදන කොමිෂන් සභාව විසින් ලබා දී ඇති එකඟතාව මත පදනම්ව, පෙරසවි කොන්ක්රීට් තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුම ඇති ප්රමුඛතම රාජ්ය ආයතනයක් වන ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානය (NERD) වෙත අදාළ කාර්යය පැවරීම පිණිස විද්යා හා තාක්ෂණ අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකා ග්රහලෝකාගාරය, 1965 වසරේදී පවත්වන ලද කාර්මික ප්රදර්ශනයේ ප්රධාන අංගයක් ලෙස ආචාර්ය ඒ.එන්.එස්.කුලසිංහ මහතා විසින් සැලසුම් කර නිර්මාණය කරනු ලැබ තිබේ.