Friday, July 18, 2025
Follow Us
ඇත් අතුරු සෙවනේ රැකවරණය ලැබූ අලි ඇතුන් 06 දෙනෙකු උඩවලව මව් ආර රක්ෂිතයට මුදා හැරේ

උඩවලව ඇත් අතුරු සෙවනේ  රැකවරණය ලබමින් සිටි අලි ඇතුන් 06 දෙනෙකු  උඩවලව මව් ආර රක්ෂිතයට මුදා හැරීම ඊයේ (17 ) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මව් සෙනෙහස අහිමි වී වසර 05කට ආසන්න කාලයක් උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබමින් පෝෂණය වූ අලි ඇතුන් 06 දෙනෙකු මෙලෙස තම මව් ආර ප්‍රදේශයට  මුදා හැරිණි. 

මෙම අලි ඇතුන් පෝෂණය කිරීම සඳහා විදේශ සංවිධාන  සහ සත්වවේදීන්ගේ  සංවිධානවලින් දායකත්වය ලබා දී තිබූ අතර ඇත් අතුරු සෙවනේ රැකවරණය ලබමින් සිට මෙලෙස මුදා හැරුනේ  26 වන කණ්ඩායම වේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි  සහ  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ යන මහත්වරුන් ද  මෙම වැඩසටහනට සහභාගී වූහ.