ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ කරන ලද කෘෂි අංශ නවීකරණ ව්යාපෘතිය (ASMP) මඟින් ක්රියාත්මක ව්යාපෘතීන් පිළිබඳව විශේෂ නිරීක්ෂණයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම් ඩී.පී. වික්රමසිංහ මහතා ඇතුළු විශේෂ කණ්ඩායමක් මගින් රාජාංගණය වවුනියාව ප්රදේශයේ සිදු කෙරිණි.
මෙහිදී ඇඹුල් කෙසෙල් වගාව, අඹ වගාව, පේර වගාව, රටකජු වගාව, බඩඉරිඟු බීජ ව්යාපෘතිය, ජල සැපයුම් පිළිබඳව මෙන්ම දැනට පවත්වාගෙන යා හැකි සහ පසුගාමී වූ වගාවන් පිළිබඳව ද, ලැබීමට ඇති ලෝක බැංකු ආධාරවලින් රටට යහපත් සහ ගුණාත්මක ව්යාපෘතීන් කවරේද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය.
අවසන්ව ඇති සාර්ථක වූ ව්යාපෘති වෙනුවෙන් ගොවි සංගම් පිහිටුවා ඔවුන් සඳහා ම එම ව්යාපෘතිය ලියාපදිංචි කර පවත්වා ගෙන යා හැකි තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
අනාගතයේදී රටට ලැබෙන ව්යාපෘතීන් තුළින් රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කිසිදු කාලයක සිදු නොවූ දැවැන්ත පෙරළියක් සිදු වනු ඇති බවත්, අමාත්යාංශ ලේකම්වරයා මෙහිදී විශේෂ ප්රකාශයක් සිදු කරමින් කියා සිටියේය.