සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින් 2025 /2027 වර්ෂයන් තුළ දී දේශීය ඔසු වගාව ප්‍රවර්ධනය කිරීම උදෙසා “ඔසු දිරිය” නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරේ. බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් පළමු දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා (15) පැවැත්වූයේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, පර්යේෂණ හා සංවර්ධන) සමන්ති රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
දේශීය වෛද්‍ය ක්ෂේත්රයට අවශ්‍ය ගුණාත්මක ඖෂධ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සුලභ කිරීමත් දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා වාර්ෂිකව වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීම හා ඔසු වගාවන් තුලින් ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වාසි ලබාදීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.
හෙක්ටයාර් හතක (7) මුළු භූමි ප්‍රමාණයක් වෙනුවෙන් මිලියන විස්සක් වෙන් කෙරෙන අතර මේ වසරේ මිලියන අටක් මෙම වැඩසටහන වෙනුවෙන් වෙන් කෙරේ. බදුල්ල, අනුරාධපුර, මාතර හා කුරුණෑගල යන දිස්ත්‍රික්කයන් මූලික කර ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ දී භාවිතයට ගැනෙන ඖෂධ නිස්සාරණ යන්ත්‍ර දෙකක් මීගහකිවුල හා රිදිමාලියක්ද ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත භාර කිරීමද මෙම අවස්ථාවේදී සිදු විය.
මෙම අවස්ථාවට ඌව පළාත් ආයුර්වල දෙපාර්තමේන්තුවේ පළාත් ආයුර්වේද කොමසාරිස් ඒම්.පී.එස්. කරුණාරත්න මහත්මිය අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) නිලන්ති සමරවික්‍රම මහත්මිය, මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්, රිදිමාලියක්ද සහකාර ප්‍රාදේශීය ලේකම්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් හා දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.