පසුගිය මාස 05ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 02කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත් වූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම හා සමගාමීව මත්ද්‍රව්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අතර එහිදී අමාත්‍යරවයා මේබව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය පාලනය සහ සැපයුම් ජාලය වැලැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව මැදිහත් වී ඇති බවත්, මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ පරිහරණය කිරීම සඳහා පැමිණි මත්ද්‍රව්‍යය තොග බවද සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අතීතයේ දේශපාලන රැකවරණය තිබුණත් වර්තමානයේ එවැන්නක් සිදු වී නැතැයිද වැඩිදුරටත් පැවසීය.
අනාගතයේ මේ රට මතින් තොර රටක් බවට පත් කිරිමේ මෙහෙයුම් ආරම්භකර ඇතැයිද අමාත්‍යවරයාකීය. ජාතික ව්‍යසනයක් බව ට පත්ව ඇති මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුව මේ රටේ ජනතාවට ලබා දුන් එක් පොරොන්දුවක් බවත්, ඒ වෙනුවෙන් රජය මේව වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා රටතුළ දැවැන්ත මෙහෙයුම් ජාලයක් ක්‍රියාත්මක කර තිබෙන බවත් මත්ද්‍රව්‍ය වැටලීම් දිගින් දිගටම සිදු කරන බවද ඒ මහතා අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය සඳහා තිබෙන ඉල්ලුම අවම කිරීම සඳහා කටයුතු කළ යුතු බවත්, ඒ් සඳහා පුනරුත්ථාපන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.