Tuesday, February 10, 2026
Follow Us
මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත වෙයි

තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, කටාර් ගුවන් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මෙලෙස විවෘත කර ඇති බවය.

ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගැණුනි.

ප්‍රරහාරවලින් අනතුරුව යළිත් සිය ගුවන් අවකාශය විවෘත කළ බව කටාර්හි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව ද කටාර් රජය ප්‍රකාශ කර ඇත.

කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වන විට සිය ගුවන් අවකාශ විවෘත කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.